අප රට සිංහල බෞද්ධ රටක් යයි පිළි ගන්නා රාජ්‍ය නායකත්වයක් බිහි වීම රටේත් ජාතියේත් අනාගත සුරක්‍ෂිතතාව තහවුරු වීමක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

අප රට සිංහල බෞද්ධ රටක් යයි පිළි ගන්නා රාජ්‍ය නායකත්වයක් බිහි වීම රටේත් ජාතියේත් අනාගත සුරක්‍ෂිතතාව තහවුරු වීමක්.

අප රට සිංහල බෞද්ධ පදනම මත ගොඩ නැගී ඇති බව පිළි ගන්නා රාජ්‍ය නායකත්වයක් බිහි වීම රටේත් ජාතියේත් අනාගත සුරක්‍ෂිතතාව තහවුරු වීමක් බවත් ,එම පදනම ශක්තිමත් ව පවත්වා ගෙන යාමට රටට ජාතියට ආදරය කරන සියලු දෙනාට ඇත්තේ අත් හළ නොහැකි වගකීමක් බවත් ,අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

වසර 2005 දී ජනාධිපති ධූරයට පත් මහින්ද රාජපක්‍ෂ මහතා එවකට ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එක්ව කොටි ත්‍රස්තවාදය අවසන් කරන්නට අවශ්‍ය නායකත්වය දී රටට සාමය උදා කර දුන් බව කී ඒ මහතා ,” යහපාලකයන් ” එම සාමකාමී රට නැවත අයි .එස් .අයි .එස් ත්‍රස්තවාදයට ගොදුරු කර දුන්නේ යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,රටට ජාතියට හා ජනපති – අගමැති ප්‍රධාන රජයට සෙත් පතා දෙනියාය -දියදාව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැවැති විශේෂ බෝධි පූජා පිං කමෙන් පසු පැමිණ සිටි පිරිස අමතමිනි .මෙම බෝධි පූජා පිංකම පැවැතියේ විහාරාධිපති බුත්ගමුවේ සිරි සුමන හිමියන්ගේ අනුශාසනා පරිදිය .
එහිදී ඒ මහතා මෙසේද කීය .
” අද අපට නැවත නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති වෙලා .ඒ තත්වය උදා වුනේ ගෝඨාභය මහත්තය ජනාධිපති වී ,මහින්ද මහත්තය අගමැති වී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසයි .ඒ පෙරළිය පොදු ජනතාව සිදු කළේ කිසිදු කලබලයකින් නොවේ .උපාසක ලීලාවෙන් .ඒ තමයි බෞද්ධ සංස්කෘතියෙන් උරුම වූ හැදියාව .ජනතාව දැන් අපේක්ෂාවේ පහන් දල්වා ගෙන ඉන්නෙ .

යහ පාලනය නිසා අවුරුදු 5 ක් රටත් – ජාතියත් අන්ත අසරණ තැනට වැටුනා .රටේ ත්‍රස්තවාදයට ඉඩ හැදෙන්න වැඩ කළා .ඒ නිසා අහිංසක ජීවිත සිය ගණනක් රටට අහිමි වුණා .වග කිව යුත්තන් තවමත් ඒ ගැන කතා නෑ .බුදු දහමට හානි වන බොහෝ දේ කළා .භික්ෂුන් වහන්සේලා කීප නමක් හිරේ දැම්මා .පන්සලේ අලියෙක් හිටිය කියල උඩුවේ ධම්මාලෝක හිමි රිමාන්ඩ් කළා .මහාධිකරණයේ නඩු පැවරුවා .වරදක් නැති නිසා අධිකරණය උන්වහන්සේ නිදහස් කළා .ආගමට දහමට ආදරය කරමින් රටට වැඩ කළ කී දෙනෙකුට හිංසා පීඩා කළාද ?බෞද්ධ පදනමට පහර ගසා කිසිවෙකුට ජය ගන්න බෑ .යහපාලකයන්ට වේදනාකාරී ලෙස ගෙදර යන්න සිද්ධ වුනේ ඒ නිසයි .ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී තිබෙන්නෙ .ඒ නිසා නිසා තමයි සිංහල බෞද්ධ රට කියන්නෙ .ඒ බව කියන්න සමහර දෙනා බය වුණා .එය අනුමත කරමින් කතා කළ අයට අපහාස කළා .කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමි පාණන් කීවෙත් අපේ රට සිංහල බෞද්ධ පදනම මත ගොඩ නැගී ඇති බවයි .උන්වහන්සේටත් එදා වග කිව යුතු ඇමති කෙනෙක් චෝදනා කළා .

ගෝඨාභය මහත්තයත් මහින්ද මහත්තයත් රටේ පාලනයේ මුදුනේ සිටින නිසා රට ජාතිය ගැන අප බියක් ඇති කර ගත යුතු නෑ .

මේ සමාජය තුළ බියකරු මිනිසුන් ඉන්නවා .කේලාම් කාරයන් බොරු කාරයන් නිසා බොහෝ තැන් අවුල් වෙනවා .ඔවුන් සමාජයට විෂ සහිතයි .සතුන්ගේ විෂ තිබෙන්නේ ශරීරයේ කොටසක වුවත් නපුරු දුදනන්ගේ විෂ ශරීරය පුරා විහිදී තිබෙන බව ” සුභාෂිතය” පෙන්වා දෙනවා .අසත් පුරුෂ සේවනය නිසා පුද්ගලයාට මෙන් ම සමාජයට ද සිදු වන්නේ විශාල විනාශයක් .

යහපත් සමාජයක් නිර්මාණය වෙන්න යහපත් මිනිසුන් ඕනෑ වෙනවා .ඒ සඳහා ආගම දහම මත හැඩ ගැසෙන්න ඕනෑ .අන්ත වාදයට – ජාති වාදයට තිබෙන ඉඩ කඩ අවුරා දැමිය යුතුයි .රටේ දැන් දැහැමි පාලනයක් බිහි වී තිබීම සුබ අනාගතයකට හේතු වෙනවා.සිංහල, දමිළ මුස්ලිම් සියලු දෙනා මනුෂ්‍යත්වය මත පදනම් ව ජීවත් වන්නේ නම් එතැන සාමය සහජීවනය මතු වෙනවා .රට වෙනුවෙන් අපි කළ හැකි හැම දෙයක් ම කරන්න ඕනෑ ” යැයි ද හෙට්ටිගේ මහතා කීවේය .

– Khmedia

No comments:

Post a Comment

Post Bottom Ad