ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා - රන්ජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා - රන්ජන්

මෑතකදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්වා පැමිණීම ඉතා හොඳ වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ ආකාරයේ වැඩ කටයුතු සඳහා තමන් දෙවරක් ආචාර කරන බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා පත් වී ඉතා කෙටි කලක් නිසා ඔහුට ඔහුගේ වැඩ පෙන්වීම සඳහා අඩුම තරමේ වසර දෙකක කාලයක් වත් ලබා දිය යුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ වේදිකාවේදී තම අපේක්ෂකයා දිනවීම සඳහා ඕනෑම දෙයක් තමන් ඇතුළු ඕනෑම දේශපාලඥයෙක් පැවසීම සාමාන්‍ය දෙයක් බවත් රාමනායක මහතා කියයි.

එසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපතිවරයාට තම කාර්යභාරය කිරීමට යම් කාලයක් දිය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad