මැනේජර්ලාට සන්තෝසම් නොදෙන සතොස සැපයුම්කරුවන් මඩවන හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 21, 2020

මැනේජර්ලාට සන්තෝසම් නොදෙන සතොස සැපයුම්කරුවන් මඩවන හැටි

ලංකා සතොස ආයතනයේ ඇතැම් කළමනාකරුවන්ට කොමිස් මුදල් නොදෙන සැපයුම්කරුවන්ගේ භාණ්ඩ එම ආයතනයේ වෙළෙඳසැල්වලට නොයවා කල් ඉකුත් වන දිනය ආසන්න වනතුරු ගබඩා තුළ රඳවා ගැනීමේ වැඩ පිළිවෙලක් හෙළිව ඇතැයි වාර්තා වේ.
ලංකා සතොස වෙ‍ළෙද නාමයෙන් සහ වෙනත් නාමයන්ගෙන් සැපයම්කරුවන් රැසක් ලංකා සතොස ආයතනයට භාණ්ඩ සැපයුම් කරති.

එසේ කල් ඉකුත්වන දිනය ආසන්න වන තුරුම රඳවාගන්න භාණ්ඩ ලෙවි නොවූ බව පවසමින් සැපයුම්කරුවන්ට නැවත රැගෙන යන ලෙසට දන්වන බව ද ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

මෙලෙස මාස ගණනක් තිස්සේ ඇතැම් භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ගබඩා තුළ ගොඩගසා තිබීම නිසා එම භාණ්ඩ මීයන්, කැරපොත්තන් වැනි සතුන්ගේ ග්‍රහණයට ලක්වන බව ද පැවසේ.

මේ නිසා ඇතැම් සැපයුම්කරුවන්ට රුපියල් කෝටි ගණනක් පාඩු වූ අවස්ථා ද ඇතැයි වාර්තා වේ.

කොමිස් මුදල් ලබා නොදෙන සැපයුම්කරුවන්ට ඇතැම් කළමනාකරුවන් චෙක්පත් ලබාදීම ප්‍රමාද කරන බව ද අනාවරණය වේ.


No comments:

Post a Comment

Post Bottom Ad