රනිල් පුරුදු සූදුවේ.. තවත් දවස් 05ක් කල් දමයි.. සජිත් පිල නොසන්සුන්.. පාර්ලිමේන්තුව විසුරුවීම අත ලගටම එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

රනිල් පුරුදු සූදුවේ.. තවත් දවස් 05ක් කල් දමයි.. සජිත් පිල නොසන්සුන්.. පාර්ලිමේන්තුව විසුරුවීම අත ලගටම එයි

ද දිනයේ පැවැත්වීමට දින නියම කරගෙන තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව එළැඹෙන සදුදා දින දක්වා කල් දමා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබිණි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊය් දිනයේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම විසින් යෝජනා සම්මත කරගෙන ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් පවසන්නේ එය නීත්‍යනුකූල නොවන පත්වීමක් බවයි. මන්ද සන්ධානයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ වැඩ බාර නොගත් නිසා ඔහුට කිසිවෙකු පත් කිරීමට බැරි බව එම පාර්ශ්වයේ අදහසයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විවිධ උපායමාර්ග අනුගමනය කරමින් මහ මැතිවරණය තෙක් කල් මරමින් සිටින බවය.


No comments:

Post a Comment

Post Bottom Ad