වරෙන්තු තිබියදී හිටපු ශ‍්‍රීලන්කන් ලොක්කා හා බිරිද රටින් පැන යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

වරෙන්තු තිබියදී හිටපු ශ‍්‍රීලන්කන් ලොක්කා හා බිරිද රටින් පැන යයි

ත්අඩංගුවට ගන්නා ලෙස ඔහු වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක රටින් පලා ගොස් ඇති බවට වාර්තා පළ වේ. රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔවුන් රටින් පිටව ගොස් ඇති බවට තමන්ට ද තොරතුරු වාර්තා වන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ කොළඹ හතේ පිහිටි නිවසට ගිය අවස්ථාවේ ඔවුන්ගේ නිවස වසා දමා තිබූ බව සඳහන්වෙයි.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම දෙදෙනාට රටින් පිට වීමට එරෙහිව වාරණ නියෝගයක් ඇති නිසා මේ වන තෙක් රටින් පිට වී ඇතැයි සිතිය නොහැකි බවයි.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවෙයි.

නීතිපතිවරයා විසින් ඔවුන්ට චෝදනා ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය චෝදනා යටතේය.


No comments:

Post a Comment

Post Bottom Ad