රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි

පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදීම තීන්දුව ගෙන ඇත.
මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යයි මෙහිදී තීරණය කර තිබේ.

2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී ඇත.

ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad