ළමයා ගන්න ඕනෑ - ඕවට ලෑස්තිවෙන්න එපා - ඇමති විදුහල්පතිට තර්ජනය කරයි [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

ළමයා ගන්න ඕනෑ - ඕවට ලෑස්තිවෙන්න එපා - ඇමති විදුහල්පතිට තර්ජනය කරයි [VIDEO]

බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී චක්‍රලේඛණවලට පිටින් සිසුවකු ඇතුළත් කර ගන්නා ලෙස අමාත්‍යවරයෙකු විසින් විදුහල්පතිවරයෙකුට බලපෑම් කරන සිදුවීමක් වාර්තා වනවා.

ගාල්ල වඳුරඹ විද්‍යාලය අසල වාසය කරන දරුවෙකු එම පාසලට ඇතුළත් නොකර ගැනීම සම්බන්දයෙන් මෙහිදී ප්‍රශ්නයක් මතුවූ අතර එහිදී විදුහල්පතිතුමා ප්‍රකාශ කළේ තමා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිතුත්කල චක්‍ර ලේඛන වලට පරිබාහිරව කිසිදු ළමයෙකු පාසලට ඇතුලත් කොට නොමැති අතර චක්‍ර ලේඛන වලට පිටින් තමාට වැඩ කිරීමට නොහැකි බවයි.


මෙහිදී මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා චක්‍ර ලේඛනවලට පිටින් එම සිසුවා පාසලට ඇතුළත්කර ගන්නා ලෙස සඳහන් කළ අතර එම ගැටලුවේදී විදුහල්පතිවරයා උසාවි නොයන බව ද කියා සිටියා.

නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ද තමන් ළමයි 4ක් 5ක් පමණ මහින්ද විද්‍යාලයට ඇතුළත් කළ බවත් ඔය ළමයා ගත්තා කියලා ඔබතුමන්ගේ රැකියාව නැතිවන්නේ නැති බවත් එහිදී සඳහන් කර තිබෙනවා.

පසුව රාජ්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා විදුහල්පතිවරයාට තර්ජනත්මකව සඳහන් කර ඇත්තේ ” ඔබතුමා හෙට ළමයා ගන්න ඕනෑ ..අපි දන්නවා හැමෝගෙම කෙරුවාවල් මොකද්ද කියන එක , මෙතන ඕවට ලෑස්තිවෙන්න එපා ” යනුවෙනුයි.

එම වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad