පරිප්පු 65 සහ ටින් කළ මාළු 100ට දුන් පාලන මිළ ඉවත් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

පරිප්පු 65 සහ ටින් කළ මාළු 100ට දුන් පාලන මිළ ඉවත් කෙරේ

පරිප්පු සහ ටින් කළ මාළු පාලන මිලෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65කට අලෙවි කළ යුතු බව සඳහන් කරමින්ද, ටින් කළ මාළු රුපියල් 100කට අලෙවි කළ යුතු බව සඳහන් කරමින්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාර්තු මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මින් ඉදිරියට සතොස සහ සමුපකාරය හරහා පමණක් පරිප්පු සහ ටින් කළ මාළු පාලන මිල යටතේ අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ අතර කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85කටද, සම්බා හා නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 90කටද කිරි සම්බා රුපියල් 125කටද අලෙවි කළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (11) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad