ගෙදර ඉඳන් අරක්කු පෙරන අයටයි උගන්වන අයටයි වෙන දේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

ගෙදර ඉඳන් අරක්කු පෙරන අයටයි උගන්වන අයටයි වෙන දේ මෙන්න

නිවසේ සිට මත්පැන් නිෂ්පාදනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් විවිධ තොරතුරු අන්තර්ජාලය හරහා සංසරණය වන බවට පොලීසිය වෙත වාර්තා වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
ගෘහස්ථ මත්පැන් නිෂ්පාදනය නීති‍විරෝධී බවත්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කරයි.

එවැනි වීඩියෝ පට කිහිපයක් පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මෙන්ම ඒවා පිළිබඳව ප්‍රචාරණය කිරීම ද තහනම් වන අතර ඒ පිළිබඳව 2007 මත්පැන් සහ දුම්වැටි පිළිබඳව ජාතික අධිකාරී පනත යටතේ වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමේ හැකියාව පවතින බව ද අජිත් රෝහණ මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad