බැංකු ණය අය කිරීම යළි ඇරඹේ - සේවකයෝ බොහෝ පිරිසක් අසරණ වෙලා - විගස පුවත් - Vigasapuwath

Tuesday, June 30, 2020

බැංකු ණය අය කිරීම යළි ඇරඹේ - සේවකයෝ බොහෝ පිරිසක් අසරණ වෙලා

බැංකුවලින් ලබාගෙන තිබෙන ණය ගෙවීමට ලබාදී තිබූ මාස තුනක සහන කාලය අවසන් වීමත් සමඟ එම ණය වාරික අය කර ගැනීම යළි ආරම්භ කර තිබේ.

ඇතැම් ආයතනවල අමතර දීමනා, අතිකාල ඇතුළු වැටුප් කප්පාදු සිදුකරමින් පතිවන අතර එය ඉදිරි මාසවලත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එසේ තිබියදී ණය වාරික කපා ගැනීමට බැංකු ගෙන තිබෙන තීරණය නිසා බොහෝ පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසා ඇත්තේ මේ වනවිට ආයතනවල වැටුප් සාමාන්‍ය පරිදි ගෙවන නිසා ප්‍රශ්නයක් ඇති නොවන බවද මාස තුනකට අදාළව මහ බැංකුව මඟින් ණය ගෙවීමට සහනයක් ලබාදුන් බවය.

එහෙත් ජුනි, ජූලි මාසවලට අදාළව ඒ ඒ ආයතන මඟින් වැටුප් කපා හැරීමට ගත් තීරණයේ වෙනසක් සිදුවී නැති මේ මොහොතේ බැංකු ණය වාරික කපා ගන්නේ නම් ඒ පිළිබඳව මහ බැංකුව යම් කිසි තීරණයක් ගත යුතුව ඇතැයිද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *