මාර්තු 11 බ්‍රහස්පතින්දා මහ ශිව රාත්‍රී දිනයද, 28 ඉරිදා මැදින් පුර පසළොස්වක පොහොයද යෙදී ඇති අතර අප්‍රේල් 02 මහ සිකුරාදා දිනයද 13, 14 අඟහරුවාදා සහ බදාදා දිනවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව යෙදී තිබෙනවා.
අප්‍රේල් 26 සඳුදා බක් පුර පසළොස්වක පොහොය සහ මැයි 01 සෙනසුරාදා ලෝක කම්කරු දිනය, 14 වැනි සිකුරාදා ඊදුල් ෆීතර් රාමසාන්, 26 බදාදා සහ 27 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පොහොය දින නිවාඩුද යෙදී ඇති අතර ජූනි 24 බ්‍රහස්පතින්දා පොසොන් පොහොයද ජූලි 21 බදාදා හජ්ජි උත්සවය හා 23 සිකුරාදා ඇසළ පුර පසළොස්වක පොහොය දින නිවාඩුවද යෙදී ඇති බව විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.
අගෝස්තු 22 ඉරිදා නිකිණි පුර පසළොස්වක පොහොය, සැප්තැම්බර් 20 සඳුදා බිනර පුර පසළොස්වක පොහොය, ඔක්තෝබර් 19 අඟහරුවාදා නබි නායක තුමන්ගේ උපන් දින නිවාඩුව සහ ඔක්තෝබර් 20 බදාදා වප් පුර පසළොස්වක පෝය දින නිවාඩුවද යෙදී තිබෙනවා.
නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා දීපවාලි උත්සවය සහ 18 බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පොහොය නිවාඩුවද යෙදී ඇති අතර දෙසැම්බර් 18 සෙනසුරාදා උඳුවප් පොහොය සහ 25 සෙනසුරාදා නත්තල් දින නිවාඩුවද යෙදී ඇති බවද ගැසට් නිවේදනයේ දැක්වෙනවා.


No comments:
Post a Comment