රුපියල් මිලියන 20ක මුදලක් ඇවන්ගාඩ් සභාපතිවරයාගෙන් ලබාගත් බවට තමන්ට එරෙහිව එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක රාජිත සේනාරත්න මහතා පවසයි.
"මේ ලෝකෙ ඉන්න එකම ව්‍යාපාරිකයා, ඒ ව්‍යාපාරිකයාට ගහන අයට සල්ලි දෙනවා උදව් කරන අයට මොකුත් නෑ. 2016 විතර ඕකම කිව්වා මිලියන 05ක් දුන්නැයි කියලා. දැන් ඊයෙ රෑ වෙනකොට ඒක මිලියන 20 වෙලා තියෙනවා. ඕනෙ කෙනෙකුට පුලුවන් චෙක් එකක් ලියලා කෑෂ් කියලා ලියලා මේවා කරන්න. එතකොට එයා ඔප්පු කරන්න ඕනෙ ඒ මුදල් ලැබුණයි කියලා.
විජේදාස රාජපක්ෂයි කියන මනුස්සයා සල්ලි නම් ඕනෙ එකක්. බලය සඳහා ඕනෙ එකක්. එහෙමනෙ පක්ෂ මාරු කරන්නෙ, ප්‍රතිපත්තිමය කාරණා මොකුත් නෑනෙ එයාට. අපට ප්‍රතිපත්තියක් තියෙනවා. මතක තියාගන්න අපිව සල්ලිවලට ගන්නත් බෑ, බලයට ගන්නත් බෑ විජේදාසලා වගේ.
මම කියනවා, මේ නඩුව ඉදිරියට ගෙනියලා මම එයාගේ ජනාධිපති නීතීඥකම නෙවෙයි නීතීඥකමත් ගලවලා දානවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඇවන්ගාඩ් සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් කප්පම් වශයෙන් ලබාගත්තැයි විජේදාස රාජපක්ෂ මහතා එල්ල කළ චෝදනාවට ඊයේ (03) පිළිතුරු දෙමිනි.
Friday, July 3, 2020
විජේදාස රාජපක්ෂට විරුද්ධව නඩු දාලා ඔහුගේ නීතීඥකමත් අහෝසි කරවනවා - හිටපු ඇමති රාජිත
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment