පාසල් දරුවන් තිදෙනකුට අතවර කළැයි චීවරධාරියා අත්අඩංගුවට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

පාසල් දරුවන් තිදෙනකුට අතවර කළැයි චීවරධාරියා අත්අඩංගුවට.


බළන්ගොඩ, වෑගපිටිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 සහ 13 අතර පසු වූ පාසල් දරුවන් තිදෙනකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ඒ ආසන්න විහාරස්ථානයක අධිපතිකම දරන චීවරධාරියකු පින්නවල පොලිසිය මගින් ඊයේ (09 දා* අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම දරුවන්ගේ ඥාතීන්ගෙන් ලද පැමිණිලි මත විමර්ශන සිදු කිරීමේදී හෙළි වී ඇත්තේ කාමරයක් තුළට ළමුන් ගෙන්වා අතවර කර ඇති බවයි. මේ වනවිට එම දරුවන් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන පින්නවල පොලිසියේ

 ස්ථානාධිපති (පො. ප.* එස්. පී. අමරතුංග මහතා සඳහන් කළේය. සැකකාර චීවරධාරියා ඊයේ (9 දා*

 බළන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා හමුවට යොමු කිරීමට නියමිතව තිබිණිි. පො. ප. ධර්මරත්න, උ. පො. ප. උපාලි, පො. කො. (75062* රූපසිංහ යන මහත්වරු පරීක්‍ෂණ මෙහෙයවති.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad