වෙලේ සුදා හා Narcotics අතර හඬපටයක් එළියට එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

වෙලේ සුදා හා Narcotics අතර හඬපටයක් එළියට එයි !

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ((Police Narcotics Bureau) හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06) ඉදිරිපත් කර තිබේ.


එම හඬ පටයේ මුල් පිටපත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජගත් රෝහණ විසින් කොමිසමට ඉදිරිපත් කර ඇත.

වෙලේසුදා අතර සංවාදයක නියැළෙන හිටපු පොලිස් කොස්තාපල්වරයා, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක සැකකරුවකු ද වන බව ජගත් රෝහණ කොමිසම හමුවේ පැවැසීය.

අදාළ හඬපටය ඇතුළත් සංයුක්ත තැටිය, ජනාධිපති කොමිසමේ ආරක්ෂිත සේප්පුවේ තබන ලෙස සභාපති විනිසුරුවරයා නියොග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad