වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු

මේ වන විට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසයි. 

මේ අතර අලෙවි කිරීම උදෙසා වෙළෙඳපලේ තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුලු වාහන සංඛ්‍යාවක් බව වාර්තා වේ.

රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බවද අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙස ඒ මහතා අවධාරණය කර සිටියි.

එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

ලීසිං වාහන නීතිවිරෝධී ලෙස උකසට ගන්නා ව්‍යාපාරයක් 

ලීසීං සමාගම් හරහා මිලදී ගන්නා මෝටර් රථ නීතිවිරෝධී අයුරින් උකස් ගන්නා ආයතනයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

නීතිවිරෝධී අයුරින් උකස් ගත් අධි සුඛෝපබෝගී මෝටර් රථ ඇතුළු වාහන 170කට වැඩි ප්‍රමාණයක් මාකොල රථ වාහන ගාලක රඳවා තබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස වාහන උකස් ගැනීමට නීතියෙන් කිසිදු අයිතියක් නොමැත.

කෝටි ගණන් වටිනා වාහන ගාල් කර ඇති මෙම අංගනයට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව යෙදවීමටද මෙම වාහන මගින් කිසියම් අපරාධ සිදුකර ඇත්දැයි යන්න සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

ලීසිං කරන ලද වාහන උකසට ගන්නා තවත් ස්ථාන කිහිපයක්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad