සිල් රෙදි නඩුවේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඉදිරිපත් කල අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය ලබන 6 වනදා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 30, 2020

සිල් රෙදි නඩුවේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඉදිරිපත් කල අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය ලබන 6 වනදා



සිල් රෙදි  නඩුවෙන් වරදකරු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය ලබන 6 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.


මෙම අභියාචනා අද කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න  යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.


එහිදී අභියාචනා ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කළා.


අනතුරුව අභියාචනා පෙත්සම ලබන 6 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 


2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.


එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා  බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.


තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad