ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන්ට අඩ වැටුප් සහ ත්‍රෛ මාසික නිවාඩු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 8, 2020

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන්ට අඩ වැටුප් සහ ත්‍රෛ මාසික නිවාඩු !

දෛනික ආදායම පහත වැටී ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩුක් ලබා දීමට පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා, කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාල කීපයක් ආර්ථික අපහසුතා හේතුවෙන් වසා දැමීමට සිදුව ඇති බව අංශ ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති ලිපියක් මගින් දන්වා ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත නිවාඩු ලබා දීමට අවධානය යොමුවී ඇති බව සාමාන්‍යාධිකාරීවරයා පවසයි. සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ අදාළ කාලයේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගණනය කරන්නේද ලබා දෙන අඩ වැටුපට සාපේක්ෂව බවයි.

සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති අදාල ලිපියට එරෙහිව කාර්යාංශයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පළකර සිටින බවද අප වෙත වාර්තා වේ. දිවයින පුරා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන් දෙදහසකට පමණ අඩ වැටුප් නිවාඩු ලබාදීමට සූදානම් වන ඉහළ නිලධාරීන් තම ඉන්ධන දීමනා සහ දුරකථන දීමනා ඇතුළු වරප්‍රසාද කිසිදු අඩුවක් නොමැතිව බුක්ති විඳිමින් සිටින බවට වෘත්තිය සමිති චෝදනා කර සිටී. 


No comments:

Post a Comment

Post Bottom Ad