ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු විටෙක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නොවූ බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
"කවදාවක්වත් අපි 19ට පක්ෂ වෙලා නෑ. මම නම් ඡන්දෙ පාවිච්චි කළෙත් නෑ, අපෙ එක මන්ත්‍රීවරයෙක් පාවිච්චි කළෙත් නෑ. ඒකත් එක්කම මං හිතන්නෙ හුඟ දෙනෙක් ඡන්දය පාවිච්චි කළේ 20 ගේනවායි කියන පොරොන්දුව උඩ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තු පැමිණීමට අදහසක් ඇතිද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ "නෑ, දැන්ම එහෙම අවශ්‍යතාවයක් නෑ. මෙතන හොඳයි වගේ" යනුවෙනි.
20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය වැඩිවීම පිළිබඳ ඒ මහතා පැහැදිලි කළේ "ඔව් ඉතිං ජනතාව බලය දුන්නේ එතුමාටනේ. විධායක ජනාධිපති ක්‍රමය තියෙනවා නම් ඒ ක්‍රමය යටතේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට වගකීමයි බලයයි දෙකම ලබාදෙන්න තමයි ජනතාවගේ අපේක්ෂාව" යැයි ප්‍රකාශ කරමිනි.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොටදෙණියාව, බඩල්කුඹුර ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක් නැරඹීමට පැමිණි අවස්ථාවේදීය.
No comments:
Post a Comment