මෙරට තුල බටහිර ඖෂධ නිෂ්පාදනය සඳහා කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් සමාගම් 35 කට අධික සංඛ්‍යාවක් ඊයේ දින නව ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිනි. තමන්ට පසුගිය රජය සමයේ මුහුණ දීමට සිදු වූ විවිධ අපහසුතා ගැන ඔවුහු එහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වුහ.
ඒ අසා සිටි අමාත්‍යවරයා පැවසුවේ තමන්ට අල්ලස් ලෙස මුදල්, රත්‍රන් හෝ දියමන්ති අනවශ්‍ය බවත් සියලු ව්‍යපෘති කඩිනම් කර ප්‍රමිතියෙන් උසස් ඖෂධ මෙරට ජනතාවට ලබා දීමට නොපැකිලව කටයතු කරන ලෙසත්ය.
තවද තමන් යටතේ පවතින ආයතනයක කවරකු හෝ මුල්‍යමය හෝ ද්‍රව්‍යමය යමක් ලබා දෙන ලෙස බලපෑම් කරන්නේනම් ඒ බව තමන්ට දන්වන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
නව ඖෂධ නිෂ්පාදනගාර ඇරඹීමට කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් 35ක් දෙනාම මාස 30 ඇතුළත කර්මාන්තශාලා ඇරඹීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ සමස්ත ආයෝජනය රුපියල් කෝටි 4000/ ඇමරිකානු ඩොලර් මිලියන 200 කට අධික වේ.
ආනයනය සදහා ඉතා අධික මිලක් වැයවන පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ නිපදවීම සඳහා නවීන සහිත කර්මාන්තශාලාවක් ඇරඹීමට මැලිබන් ආයතනය ඉදිරිපත්වීම විශේෂත්වයකි.
No comments:
Post a Comment