හරීන්ගේ ප්‍රකාශයට අගරදගුරු හිමිගේ විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

හරීන්ගේ ප්‍රකාශයට අගරදගුරු හිමිගේ විරෝධය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා සහ සමස්ත පූජක සංසදයද විරෝධය පළකරමින් මාධ්‍ය නිවේදනයක් යොමු කර තිබේ. 

පාස්කු ප්‍රාහරය සිදු වූ දින අගරදගුරුතුමා දිවය පූජාවක් ප්‍රසිද්ධ ස්ථානයක පවත්වා නැති බැවින් එසේ සිදුකර තිබෙන්නේ අනතුර පිළිබඳ දැනුවත්ව සිටි නිසා යැයි අනුමාන කරමින් මන්ත්‍රීවරයා පදනම් විරහිත ප්‍රකාශයක් සිදුකර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

සිරිත් පරිදි පාස්කු රාත්‍රී මෙහෙය අප්‍රේල් 20 වන සෙනසුරාදා සිය ආසන දෙව්මැදුර වන කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පවත්වා ඇති අතර එය මධ්‍යම රාත්‍රියද ඉක්මවා අලුයම 2.00 පමණ වනතුරු පවත්වා ඇත. 

තමන්ව සාධාරණීකරණය කරගැනීම සඳහා අගරදගුරු හිමිපාණන් ද සම්බන්ධ කරගනිමින් කර තිබෙන බාල මනඃකල්පිත ප්‍රකාශය අසත්‍යක් වන අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරුතුමා හෝ රදගුරුතුමන්ලා හෝ වෙනත් කතෝලික පියතුමකු පෙර දැනුවත් වී නොසිටි බවද අවධාරණය කරයි. 

මෙම දරුණු අපරාධය සිදුවීමට ඉඩහැර සිටි දේශපාලන නායකයන්ට, රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට සහ බුද්ධි අංශවල සේවය කරන නිලධාරීන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවට විශ්වාසය පලකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. 

සෑම වසරකම පාස්කු දිනට පෙර ප්‍රධාන කතෝලික සභාව විසින් පවත්වන ප්‍රධාන පූජාව 2019 වසරේ නොපැවැත්වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගිය (16) පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

එම පූජාව සෑම වසරකම කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දී පවත්වන බවත් එහෙත් එම පූජාව 2019 වසරේ පමණක් නොපැවැත්වීමට හේතුව එම පූජකවරුන් දැන් සිටියේද යන්න සොයා බැලිය යුතු බවයි හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad