එජාපය බිමටම හාන්සියි.. පලාත් සභා අපේක්‍ෂක ලයිස්තුවලට කිසිවෙකු නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

එජාපය බිමටම හාන්සියි.. පලාත් සභා අපේක්‍ෂක ලයිස්තුවලට කිසිවෙකු නෑ..

රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදීව මෙතෙක් කටයුතු කරන ලද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එක් වීමට සූදානමින් ඇතැයි වාර්තා වෙයි.

ඉක්මනින්ම පැවැත්වෙනු ඇතැයි කියන මීළඟ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවෙිගයෙන් තරග වැදීමට එම පිරිස අවස්ථාව ඉල්ලා සිටින බවද පැවසෙයි.

ඉදිරි පලාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට එම පක්‍ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවකුත් සූදානම් නැතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.

මේ තත්ත්වය මත ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම සඳහා බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad