ඉතාමත්ම සුක්ෂම ආකාරයෙන් නිවෙස් තුළට දිවා කාලයේ පැමිණ නිවෙස්වල ඇති කිරිපිටි සීනි ත්තේ කොළ පාන් බිස්කට් එළවළු සහ පලතුරු ඇතුළු සියලු දේ සොරකම් කර සූක්ෂම ලෙස පලා යන රිලවුන් රංචුවක් පිළිබඳව හාලිඇල හා අවට ගම්මාන වලින් වාර්ථා වෙනවා. ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.
රිලවුන් දොරවල් ජනෙල් තුලින් නිවෙස් තුලට පැමිනීම නිසා තමන්ගේ නිවෙස් දොරගුලු ලා තැබීමට නිරතුරුවම සිදුව ඇති බවයි ඔහුන් වැඩිදුරටත් කියා සිටියේ.
දැනට වසරක පමණ කාලයක සිට මෙම රිලව් රංචුව මෙම ප්‍රදේශය තුළ සැරිසරමින් ගොවීන් වගා කරන ලද වගාවන්ට ද හානි පමුණුවනවා.
මොවුන් නගරයට පැමිණීමට හේතුව අවට ඇති ලදු කැලෑ එළිපෙහෙළි කිරීම සහ කැලෑ ගිනි තැබීම බවයි පරිසරවේදීන් පවසන්නේ.
කොසේ වෙතත් ප්‍රදේශවාසීන් බලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම රිලවු රංචුව මෙම ස්ථානයේ මුදා ගොස් වනයට මුදා හරින ලෙසයි.
No comments:
Post a Comment