බොරැල්ල පොලිසියේ 06 කට කොරෝනා : ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් ආසාදිතයින් 04ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

බොරැල්ල පොලිසියේ 06 කට කොරෝනා : ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් ආසාදිතයින් 04ක්

බොරැල්ල පොලිසියේ නිලධාරින් 13 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉන් 06 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරිම ආරම්භ කොට තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එම පිරිස අතර රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකු සහ තවත් සේවකයින් 02ක් ද සිටියි.

මේ වන විට ඔවුන්ගේ පළමු ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad