අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් සේවිකාවකට කොරෝනා,කිසිම පොකුරකට සම්බන්ධ නෑ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් සේවිකාවකට කොරෝනා,කිසිම පොකුරකට සම්බන්ධ නෑ.

 

හොරණ පිහිටා ඇති Bodyline ඇඳුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඇය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදී ය.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 6000ක පමණ පිරිසක් සේවය කරන අතර ආසාදිත කාන්තාව හදුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව වසා දමා තිබේ

ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරයි.

එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත් ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

ඇයට වෛරදය ආසාදනය වූ ආකාරය ගැටළුවක් බවත් ඒ පිලිබදව තව දුරටත් සොයමින් සිටින බවත් ඔහු පැවසීය.

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad