අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවීම නිසා බේරුවල වරාය වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවීම නිසා බේරුවල වරාය වසා දමයි


අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවීම නිසා බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනු තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එම ධීවර වරායේ අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂණවලදී පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

එම වරාය කළමනාකාරවරයා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙට බේරුවල වරායේ සිට මසුන් රැගෙන ගිය පුද්ගලයන් දස දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි.

එහි සෙසු ආශ‍්‍රීතයන්ද නිරෝධායනය කර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad