විද්‍යාපීඨ 19 ම වසයි,සියලු පීඨ නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගැනේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 11, 2020

විද්‍යාපීඨ 19 ම වසයි,සියලු පීඨ නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගැනේ.

 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 යෙහිම නේවාසික ගුරු සිසුන් හට නිවාඩු ලබා දි තිබේ.මෙලෙස නිවාඩු ලබා දි ඇත්තේ සියලු විද්‍යාපීඨයන් කෝවීඩි 19 නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සුදානමි කිරිමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරනයකට අනුවය.

 මාස දෙකක කාලසීමාවක් සදහා යුද හමුදාව විද්‍යාපීඨ මෙලෙස භාවිතයට ගැනීමට නියමිත අතර කෝවීඩි 19 සමාජය තුල පැතිරීමක් සිදු උවහොත් මෙම කාලසීමාව දීර්ඝ විය හැකිබවද වාර්තා වෙයි.දැනටමත් වයඔ විද්‍යාපීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද නිල්වලා විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස වැඩ කටයුතු අරඹා ඇත.

තවද මෙම කාලසීමාව තුල විද්‍යාපීඨ තෙවන වසර සීමාවාසි සිසුන් ගේ මාසික සීමාවාසි දිනය විද්‍යාපීඨ වලින් පරිභාහිර පරිශ්‍රයන් හි පැවැත්වීමට සැලසුමි කර ඇති බව වාර්තා වෙයි.

සටහන - ප්‍රියත් සේනාධිර. 


No comments:

Post a Comment

Post Bottom Ad