20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා - බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 19, 2020

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා - බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අවශ්‍ය බලය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්. සහීඩ් මහතා කියා සිටියේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක් දැයි මෙතෙක් පක්ෂය තුල සාකච්චා කරන්නේ නැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය අවශ්‍ය වෙලාවට ගනු ලබන බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පක්‍ෂ නායක රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad