20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි



විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට, නව සංශෝධන කිහිපයක් අද රජය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.


අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන සහ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධනවලට අමතරව මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ ලබාදෙන සියලු සංශෝධන අනිවාර්යයෙන්ම අද දිනය තුළදී භාරදිය යුතු බවයි.


අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබූ පනත් කෙටුම්පතේ 5 සහ 22 වන වගන්ති ඉවත් කරගැනීමට ආණ්ඩුව තීරණය කළ බවයි.


අද පෙරවරු 10 ට විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිත අතර, එය පස්වරු හත දක්වා පැවැත්වෙනවා. හෙට දිනයේද අදාළ කාලය තුළ විවාදය පැවැත්වෙන අතර, ඉන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.


ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන්ට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් කෙටුම්පත සම්මත විය යුතු වනවා.


මේ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.


එම සාකච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. 

No comments:

Post a Comment

Post Bottom Ad