20ට වඩා එක ඡන්දයකින් ද්විත්ව පුරවැසිකම සම්බන්ධ වගන්තිය සම්මත වුණේ මෙහෙමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

20ට වඩා එක ඡන්දයකින් ද්විත්ව පුරවැසිකම සම්බන්ධ වගන්තිය සම්මත වුණේ මෙහෙමයි

යේ (22) පාර්ලිමේන්තුවේ පැවති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්දයෙන් එම පනත ඡන්ද 156ක් ලබමින් 2/3කින් සම්මත විය.

කෙසේ වුවද කාරක සභා අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඡන්දයක් ඉල්ලා සිටියේ ය.

 අනතුරුව ඒ සඳහා ඡන්දයක් කැඳ වූ අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 157ක් ලැබිණි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රී ෆයිසාල් මුෂාරෆ් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදුන් නමුත් ද්විත්ව පුරවැසිභාවයට අදාළ සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad