ලංවිම සේවකයන් 26,000ක් සිටියදීත් – ලයිට් කැපිල්ලයි අතු කැපිල්ලයි කොන්ත‍්‍රාත් දීලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 11, 2020

ලංවිම සේවකයන් 26,000ක් සිටියදීත් – ලයිට් කැපිල්ලයි අතු කැපිල්ලයි කොන්ත‍්‍රාත් දීලා !

විදුලි බල මණ්ඩලයේ සේවකයන් 26000 ක් සිටියදීත් විදුලිය විසන්ධි කිරීම, සම්බන්ධතා ලබා දීම සහ රැුහැන්වලට හානි වන ගස්වල අතු කපා දැමීම වැනි කටයුතු රැුසක් විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවන්ට ලබා දී ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා (08දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයට මෙම කාර්යයන් පැවරීමට පෙර විදුලි බල මණ්ඩලයේ සේවකයන් 16000 ක් සිටි බවත් පෞද්ගලික අංශය විසින් ඉහත කාර්යයන් කරද්දීත් අද සිටින සේවක සංඛ්‍යාව 26000 ක් බවද ඇමැතිවරයා කීවේය.

2015 දී රුපියල් බිලියන 2.3 ක් වූ විදුලිබල මණ්ඩලයේ පාඩුව 2019 දී බිලියන 85.4 ක් දක්වා ඉහළ යෑමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ඉහත කරුණ බව කී විදුලිබල ඇමැතිවරයා අවුරුදු හතක් තිස්සේ ජාතික විදුලි පද්ධතියට ජනන ව්‍යාපෘතියක් එක් කර නැතැයිද කීවේය.

ඞීසල් මගින් විදුලිය ජනනය කිරීම ස`දහා වසරකට රුපියල් බිලියන 100 ක් දහනය කරන බව කී ඇමැතිවරයා 32% ක් වන ඞීසල් ජනනය 2025 වෙද්දී 5% දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවත් කීවේය.

මෙගා වොට් 300 ක එල්. එන්. ජී. බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම ස`දහා මීට සති දෙකකට පෙර කැබිනට් අනුමැතිය හිමිවූ බව පැවැසූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉදිරි වසර තුනේදී මෙගාවොට් 600 ක් එල්. එන්. ජී. මගින් විදුලිය නිපදවීමට කටයුතු කරන බවද පැවසීය.

බදුල්ල දිස්ත‍්‍රික් (සජබ) මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. 


No comments:

Post a Comment

Post Bottom Ad