ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි

බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක විශාල පිරිසකට සූදානම් කර තිබූ දානමය කටයුත්තක් පොලිසිය විසින් නවතා දමා තිබේ.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කර තිබූ කාලයේ දී මෙම දානයට සූදානම් වෙමින් තිබිණි.

පොලිසිය සහ සෞඛ්‍ය අංශ එම ස්ථානයට යන විට ද එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර දානය සකස් කරමින් සිටි බවද වාර්තා වෙයි.

එහි සංවිධායකයන් වරදට සමාව ගැනීම නිසා අධිකරණ කටයුතුවලට යොමු නොකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

එම දානය සකස් කිරීම සඳහා කෝකියන් තිස් දෙනෙකු සහභාගී වී සිට ඇතැයිද සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad