තවත් ආසාදිතයින් 319ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

තවත් ආසාදිතයින් 319ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 319ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 236ක් ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් වන බවත් අනෙක් 83දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඒ අනුව, අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 633කි.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,946කි.

මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර ඉන් 6,123 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad