කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂ දෙකක් මුදා හරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 28, 2020

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂ දෙකක් මුදා හරී



මධ්‍යම පලාත් සභාවේ ප්‍රතිපාදන යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂ දෙකක් මුදා හැරිම (28) දින සිදු කෙරිණ.

උඩවලව තිලාපි සහ කාෆ් අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද  රොහු මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂයක් සහ තිලාපි මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂයක් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ආරක්ෂිත දැල් කුඩු මතට මෙසේ මුදා හැරිණ.


එම මත්ස්‍යය  ඇසිත්තන්  ජලාශයන් වල සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩුවක් මත මුදා හැර එම මත්ස්‍යය ඇසිත්තන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර පසුව එම මත්ස්‍ය ඇසිත්තන්  මත්ස්‍යය ඇගිල්ලන් ලෙස  වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරිමට නියමිතය.


වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත්,ඔහුන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි  සහ මවුස්සාකැලේ ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් , කාසල්රි සහ මවුස්සාකැලේ  ජලාශයන්වලට මේ වන විට මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි නුවරඑලිය ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලයේ ව්‍යාප්ති නිලධාරි බුදධික කුෂාන් මහතා කියා සිටියේ .










No comments:

Post a Comment

Post Bottom Ad