කංජිපානි ඉම්රාන්ට මරණ බය දැනිලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

කංජිපානි ඉම්රාන්ට මරණ බය දැනිලා!

තම ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ යාඥා කරන්නැයි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිය ඥාතීන් හමුවේ කියමින් හඬා වැටෙන බව පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග වාර්තා වේ. දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට යන ඔහුගේ ඥාතීන්ට මේ බව කියමින් ඔවුන් ඉදිරියේ කුඩා දරුවකු ලෙස මොහු හඬා වැටෙන බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.

මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් මාලිගාවත්තේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යෑමෙන් පසු ඔහුගේ පාතාල කල්ලියේ මහ මොළකරු ලෙස හැඳින්වූ කංජිපානි ඉම්රාන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බව ද වාර්තා වෙයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මාකඳුරේ මධුෂ් මිය යෑමේ සිද්ධිය වාර්තාවීමත් සමගම බන්ධනාගාර ගත කර සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් මෙන්ම මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයන්ද දැඩි භීතියටත් කම්පනයටත් පත්ව සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

(ඉරිදා දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad