මෙම මස අවසාන සතියේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණීමට නියමිත බව දැනගන්නට තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු වූ යැන්ග් ජිචෙයි මහතාගේ ලංකා සංචාරයෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු සහ චීන තානාපති කාර්යාල අතර සිදුවූ වාග් සංග්‍රාමයකින් පසු මෙම සංචාර දෙකම සිදුවීමද මෙහිදී දැකගන්නට ඇති තවත් සිදුවීමකි.
ඒ සදහා මුල පුරා තිබුණේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියය.
පසුගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ලංකාව තුළ සිදු කෙරන චීන රජයේ ක්‍රියාකාරකම් පිළිබදව දැඩි විවේචනාත්මකව අදහස් පළ කිරීමට අමෙරිකානු තානාපතිවරිය පියවර ගෙන තිබිණ.
ඉන් අනතුරුව ඊට පසුදිනම ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රජය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු වන ජිචෙයි මහතා ලංකාවේ සංචාරය කළේ ඊට දින දෙකකට පුසවය.

No comments:
Post a Comment