විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට පෞද්ගලික සමාගම්වලට දී තිබූ අවසරය ඉවතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 10, 2020

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට පෞද්ගලික සමාගම්වලට දී තිබූ අවසරය ඉවතට

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු වලට පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන කළ වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නිරෝධායන ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කළ යුතු වූ මෙම වැඩපිළිවෙල ඒ අයුරින් සිදු නොවීමත් ඒ පසුපස ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සිදු වෙමින් පවතින බවට ලද බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් මෙය අත්හිටුවීමට තීරණය කර ඇති බව පැවසේ.

මේ අතර ඇතැම් ආයතන නිරෝධායන නීති  උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී ගුවන් යානයේ ආසන සංඛ්‍යාව හරි අඩක් වන පරිදි දුරස්ථභාවය පිළිබඳව සෞඛ්‍ය නීති රීති වලට අනුව මගින් ගෙන්වාගත යුතු වුවද සමස්ත ආසන සංඛ්‍යාවට අදාල වන පරිදි මගින් ගෙනැවිත් තිබෙන බවද මේවන විට හෙළිව තිබේ.

කෙසේ වුවද  ගුවන් ගමන් සැලසුම් කිරීමේදී ඒ සඳහා යොදාගත් ගුවන් සමාගම් එක් මගියෙකුගෙන් ආසන දෙකක් සඳහා යන වියදම ගුවන් ගාස්තු ලෙස ලබාගෙන ඇතැයි ද මේ වන විට හෙළිව ඇත .

මේ අතර ඇතැම් සමාගම් ශ්‍රී ලාංකිකයන් නිරෝධන ක්‍රියාවලියේදී එක් අයෙකුගෙන් රුපියල් 12,500 ක මුදලක් අයකර එම පහසුකම් සැලසිය යුතු වුව ද එක් කාමරයක දෙදෙනා බැගින් යොමුකර අයුතු ලාභ උපයා ඇති බව ද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේ සිට මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මකව තිබූ අතර අදාළ පෞද්ගලික සමාගම් එම රටවල තානාපති සබඳතා භාවිතා කරමින් මෙරටට පැමිණීමට නියමිතව සිටි ලාංකිකයන්ගේ තොරතුරු ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන ඒමේ කටයුත්ත සඳහා සමාගම් හතක් මැදිහත්ව සිට ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad