නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක නොනැසී පවතිනවා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 15, 2020

නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක නොනැසී පවතිනවා.

මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණයක් පවතින ප‍්‍රදේශයක

 පැතිර යා හැකි නිසා කුමන දේශගුණයක් පවතින ප‍්‍රදේශයක සිටියත් සැවොම මෙම වෛරසයට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර තිබේ.

 කොරෝනා වෛරසය කුමන දේශගුණයක් පවතින පරිසරයක වුවද නොනැසී පැවතිය හැකි වෛරසයක් බව එම සංවිධානය කියයි.

 මෙහිදී කුමන දේශගුණයක් පවතින ප‍්‍රදේශයක සිටියද දෑත් සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා පිරිසිදු කර ගැනීමෙන් හා සෑම විටම දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසු පමණක් දෑස්, නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වෛරසය ශරීරගතවීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වී තිබේ.

 කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අතර පැතිර පවතින මිථ්‍යා මත පිළිබඳව අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය බල්ලන්, බළලූන් වැනි නිවසේ සුරතලයට ඇති කරන සුරතල් සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසාට පැතිරෙන බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති අතර උණු ජලය පානය කිරීමෙන් ඇතැමුන් විශ්වාස කරන පරිදි කොරෝනා වෛරස් ආසාදනය වීම වැළැක්වීමට හෝ එම ආසාදනය සුව කිරීමට නොහැකි බව සඳහන් කර සිටී.

 කිසිම අවස්ථාවක කොරෝනා වසංගතය නිසා බේකරි ආහාර අනුභව නොකරන ලෙසට සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී නොමැති බවද එම සංවිධානය කියයි.

-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad