පොම්පියෝ කොච්චිකඩේ පල්ලියට එද්දී කාදිනල් හිමි නොසිටියේ ඇයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

පොම්පියෝ කොච්චිකඩේ පල්ලියට එද්දී කාදිනල් හිමි නොසිටියේ ඇයි?

පාස්කු ප්‍රහාරයෙන් එවකදී බරපතළ හානි සිදුවූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැරඹීම සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පැමිණෙද්දී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එම අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් කතාබහක් මතුව තිබේ.

අදාළ ප්‍රහාරයෙන් පසු එම දේවස්ථානය නැරඹීම සදහා පැමිණි ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙස සැලකෙන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාය.

නමුත් එම අවස්ථාවට අගරදගුරු හිමියන් සහභාගී වී නොසිටි අතර ඒ වෙනුවට දේවස්ථානය භාර පියතුමන්ලා සහභාගී වී සිටිනු දැකගන්නට ලැබිණ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඊයේ (28) සවස්වරුව වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් කතාබහක් මතුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad