රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක් !

ට තුළ දැන් කොරෝනා උප පොකුරු බිහිවීමේ විශාල තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ‍ප‍්‍රදේශයෙන් වාර්තා පොකුරෙන් පසු එහි උප පොකුරු ගණනාවක් ස්ථාන කිහිපයකින් වාර්තා වූ බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

එසේම රට පුරා ප්‍රදේශ කිහිපයක රෝගීන් විස්සක් තිහක් පමණ වාර්තා වන වාර්තා වන පොකුරු තිබෙන බවත් එය සෞඛ්‍ය අංශය වල පාලනයෙන් පිරිහෙන්නට නො දී පවත්වා ගෙන යා යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට යාමට උත්සාහ උත්සාහ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා තමන් සමග තම නිවසට කොරෝනා වෛරසය ගෙන ගොස් වැඩිහිටියන් ගර්භණී මව්වරුන් එම වෛරසයට ගොදුරු නොකිරීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad