ඇමරිකානු රාජ්‍ය ලේකම් අද ජනපති හමුවේ – ආරක්‍ෂාව සඳහා ඇමෙරිකාවේ ප්‍රබල සන්නද්ධ වාහනයක් විශේෂ යානයකින් ලංකාවට ගෙනත් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

ඇමරිකානු රාජ්‍ය ලේකම් අද ජනපති හමුවේ – ආරක්‍ෂාව සඳහා ඇමෙරිකාවේ ප්‍රබල සන්නද්ධ වාහනයක් විශේෂ යානයකින් ලංකාවට ගෙනත් !

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබෙනවා. ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් පසු ව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිතව තිබෙනවා.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පොම්පියෝ මහතා කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට එක් වීමට නියමිතයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ආරක්‍ෂාව සඳහා ඔවුන් සතු ප්‍රබල සන්නද්ධ වාහනයක් ඇමරිකානු යානාවකින් මෙරටට ගෙනවිත් ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ලේකම් වරයාට එල්ලවී ඇති IS තර්ජනය නිසා මෙම යානාව පෙරේදා කටුනායක ගුවන්තොටුපළට පැමිණි අතර එහි විශේෂ සන්නිවේදන පද්ධතියක්ද වනවා.

මේ හැර ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටාර්හි සිට පැමිණි ඇමරිකානු විශේෂ ආරක්‍ෂක ඒකකයේ භට පිරිසක්ද මෙරට රැඳී සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad