‘මොරටු සුදා’ගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

‘මොරටු සුදා’ගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට





වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියන ‘මොරටු සුදා’ නැමැත්තාගේ සමීපතමයෙක් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එහිදී විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ඊට යොදන පතරොම් 18ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700 ක් සොයාගෙන තිබේ.


සැකකරුගේ ප්‍රශ්න කිරීම්වලින් පසු පානදුර ළමා උද්‍යානය අසල කොන්ක්‍රීට් ලෑල්ලක් යට සඟවා තිබූ ගිනි අවිය සහ පතරොම් සොයාගැනීමට පොලීසිය සමත්විය.


සැකකරු වාද්දුව, මැලෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad