අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා - රංජිත් මද්දුම බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා - රංජිත් මද්දුම බණ්ඩාර

විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම සඳහා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මේ වන විට ඒ සඳහා ගනුදෙනු පවා සාකච්ඡා කරමින් ඇති බවයි.

මෙම සංශෝධනයට විරුද්ධ අධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර ඇති බවත් ඒ ඉතිහාසයේ කෙටුම්පතට විරුද්ධව ගොනු කරන ලද වැඩිම පෙත්සම් ප්‍රමාණය බවත් ඔහු පැවසීය.

දැනටමත් ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් 30කට වැඩි ප්‍රමාණයක් මෙම සංශෝධනයට විරුද්දව කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad