'කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා' - මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට තීරණාත්මකව දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

'කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා' - මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට තීරණාත්මකව දන්වයි

මුස්ලිස් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග තමන් ආණ්ඩුවට සහය දීමට එක් වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත. ඒ සඳහා කවුරුන් අවාද නැතද තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක්වීමේ තීරණය ගෙන අවසන් බවද ඔහු දැනුම් දී තිබේ.

මෙම සිව් දෙනා ආණ්ඩුවට එක් වුවහොත් මුස්ලිම් කොංග්‍රසයට විපක්ෂය ඉතුරුවන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණි.

මේ හේතුවෙන් කිසිවකු ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීමට හකීම් මහතා දැඩි උත්සාහයක් දරමින් ඇතැයිද වාර්තා වෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad