ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ
ඇමෙරිකාවේ ෆෙඩරල් නීති උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට විශේෂ විමර්ශන ආයතනයකින් විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේ පැවැති රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය ඇමතීම ඔස්සේ රාජ්‍ය ලේකම්වරයා මෙලෙස නීතිය උල්ලංඝනය කර ඇතැයි සී.එන්.එන්. (CNN) පුවත් සේවය ඊයේ (27 වැනිදා) වාර්තා කර තිබිණි.
රාජකාරි කටයුතු අතරතුර රාජ්‍ය සේවකයන් දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් කෙරෙන නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය පළකරමින් රිපබ්ලිකන් සමුළුව අමතා තිබේ. CNN වාර්තාවට අනුව ස්වාධීන ෆෙඩරල් විමර්ශන ආයතනයක් වන ‘විශේෂ කවුන්සිල කාර්යාලය’ මේ වන විට පොම්පියෝගේ මෙම කතාව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
‘මෙම වසරේ මැතිවරණයට ඔහු නොවැළැක්විය හැකි ආකාරයෙන් දේශපාලකයන් මැදිහත් වී ඇති අතර පොම්පියෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් සහ බදු ගෙවන්න්ගේ අරමුදල් දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස භාවිත කර ඇත.’ යනුවෙන් එක්සත් ජනපද නීති සම්පාදකයන් චෝදනා කරන බවද CNN වාර්තාවේ දැක්වේ.
මෙලෙස බදු මුදල් අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වැරදි 5ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

No comments:
Post a Comment