මට හොඳට පුළුවන් ඉංග්‍රීසි... සිංහලෙන් කළ නිසයි සීසර්ගේ කතාව වැරදුනේ - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

මට හොඳට පුළුවන් ඉංග්‍රීසි... සිංහලෙන් කළ නිසයි සීසර්ගේ කතාව වැරදුනේ - ඩයනා ගමගේ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය රෝමයේ සීසර් අධිරාජ්‍යයා සම්බන්ධයෙන් කළ මතභේදාත්මක ප්‍රකාශය මේ වන විට සමාජයේ කතාබහට ලක්වී තිබේ .

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දිනට පසු දින එනම් ඔක්තෝම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කළ කොවිඩ් 19 විවාදයේ දී ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් තමා ආණ්ඩුවට එක් වූ හේතුවද සභාවට දැනුම් දුන් අතර එම කතාවේදී මේ බැව් සඳහන් කරන ලදී.

යූටියුබ් නාලිකාවක් සමග නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කළේ තමාට සිංහල බසට වඩා ඉංග්‍රීසි බස හොඳින් හැසිරවීමට හැකි බවත් පාර්ලිමේන්තුවේ කතාව සිංහලෙන් කිරීම නිසා මෙම අත්වැරැද්ද සිදු වූ බවය.

පාර්ලිමේන්තුවේ කළ එම කතාව ඉතා කෙටි කාලයක් තුළ කොළයක්වත් නොබලා සිංහලෙන් කිරීමට සිදුවීම නිසා මෙම වැරැද්ද සිදුවූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

තමාට රෝම ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් තිබෙන බවද ගමගේ මන්ත්‍රීවරිය එම සාකච්ඡාවේදී සඳහන් කරන ලදී .


No comments:

Post a Comment

Post Bottom Ad