ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි ද ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි ද ?

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බවය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේ අද (25) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බවය.

No comments:

Post a Comment

Post Bottom Ad