ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා - විගස පුවත් - Vigasapuwath

Saturday, October 3, 2020

ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ.
ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *