පෑලියගොඩ පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයෙකුත් කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 28, 2020

පෑලියගොඩ පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයෙකුත් කොරෝනා



පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ පොලිස් මුරපොළට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


එම මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ පොලිස් මුරපොළේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ගේද පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය දා සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.


ඒ අනුව අදාළ පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.


මේ අතර, වැල්ලවත්ත - කොලින්වුඩ් පටුමගේ පදිංචිව සිටි ඉන්දීය ජාතිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad