බ‍්‍රැන්ඩික්ස් සේවකයන් අල්ලන්න බුද්ධි අංශ යොදවයි ! - කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

බ‍්‍රැන්ඩික්ස් සේවකයන් අල්ලන්න බුද්ධි අංශ යොදවයි ! - කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ !

නිරෝධානය සඳහා යොමු කිරීමට අවශ්‍ය නමුත් එය මග හැර සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් වහාම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඒ සදහා යොදාවන ලෙස ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් පිරිසක් නිරෝධායනය මගහැර සැඟවී සිටින බවත් හමුදාපතිවරයා පවසයි.

කොරෝනා පොකුර වාර්තා වූ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල හෝ රෝහල් වල මිස මේ මොහොතේ නිවාස වල නොසිටිය යුතු බවද ඔහු දැඩිව කියා සිටියේය.

මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශවලට දන්වා වහාම නිරෝධයට එවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

එමෙන්ම නිරෝධායන මගහරින සේවකයන් සොයා බුද්ධි අංශ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad