‘පර දෙමළා, තොපි මරනවා',හමුදා ලොක්කෙක් ප‍්‍රධාන වෛද්‍යවරයාට තර්ජන කරයි.- GMOA ලිඛිතව දන්වයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

‘පර දෙමළා, තොපි මරනවා',හමුදා ලොක්කෙක් ප‍්‍රධාන වෛද්‍යවරයාට තර්ජන කරයි.- GMOA ලිඛිතව දන්වයි.

 

වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

හමුදාවේ බ්‍රිගේඩියර් එම රෝහලට පැමිණ ‘පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ යනුවෙන් තර්ජනය කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

සංගමයේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මෙසේය.

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad